කල්දැමූ IPL තරගාවලිය සතියකින්?

යසංග මහවිතාන

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය  අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව  ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) නිවේදනය කර සිටියි.

ඉන්දු – පාකිස්ථාන යුද උණුසුම ඉහළ යෑමත් සමග IPLතරගාවලිය නවත්වා ක්‍රීඩකයින් තව ආපසු තම රටවලට යැවීමට කටයුතු කරනු ලැබීය.

මේවන විට එහිතරග 58ක් පවත්වා අවසන්ය.මූලික වටයේ තරග 12ක් සහ අවසන් මහා තරගය  ඇතුළුව අවසන් වටයේ තරග 4ක්  පැවැත්වීමට ඉතිරිව  තිබියදී තරගාවලිය නවත්වා දැමීමට සිදුවිය.

අදාළ බලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන් සමග සාකච්ඡා කර තත්ත්වය පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව එම තරග පැවැත්වෙන දින හා ස්ථාන පිළිබඳව දැනුම්දෙන බව BCCI ආයතනය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *