සංජීවනී පද්මසේන
ජාතික වනෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් කෘතිමය සිංචනය මගින් කොටියන් බෝ කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
පැටවුන් ලබා ගැනීමට මේ ක්‍රමය භාවිතා කළ ප්‍රථම අවස්ථාව මෙය බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්යය චන්දන රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.
පින්නවල ජාතික වනෝද්‍යානයේ සිටින නීරෝගී පිරිමි සතෙකු වන කදිරා සහ නීරෝගී ගැහැනු සතෙකු වන රේණු යොදාගෙන මෙම ක්‍රමය ආරම්භ කර තිබේ.
මෙහිදී පිරිමි සතාගෙන් ලබා ගන්නා නීරෝගී ශුක්‍රාණු ගැහැනු සත්ත්වයා වෙත කෘතිම ක්‍රම මඟින් ඇතුළු කරනු ලැබේ. ඒ සඳහා පශු වෛද්‍යවරුන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී ඇත.
මෙයින් නීරෝගී පැටවුන් බෝ කරගැනීමට ජාන සංරක්ෂණයට මෙන්ම සීඝ්‍රයෙන් වඳ වී යන ශ්‍රී ලංකා කොටියාගේ ගහණය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ යැයි බලාපොරොත්තු වනු ලැබේ. මෙම ක්‍රමය මඟින් වඳ වී යන වටිනා සතුන් සංරක්ෂණය කරගැනීම පිළිබඳව සුභවාදී බලාපොරොත්තුවක් ලැබෙනු ඇත.


