කටු කැලේ නාගරික ක්‍රීඩාංගන පිවිසුම් මාර්ගයේ පැති බැම්ම පුපුරා යාමෙන් දැඩි අවදානමක් 

හේවා හැට චම්පික දසනායක

මහනුවර පේරාදෙණිය ප්‍රධාන මාර්ගයෙන් කටුකැලේ නාගරික ක්‍රීඩාංගණයට හා විලියම් ගොපල්ලව මාවතට පිවිසීමට ඇති පටු මාර්ගයේ ආරම්භක ස්ථානයේ එක් පසක පැති බැම්ම පුපුරා යාමෙන් දැඩි අවදානමක් හටගෙන ඇති බව ජනතාව සඳහන් කරති 

මහනුවර පේරාදෙණිය ප්‍රධාන මාර්ගයේ (පරණපාර) ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය හා බදුර්දීන් මහා විද්‍යාලය ඉදිරිපසින් විලියම් ගොපල්ලව මාවත (අලුත්පාර) හා කටුකැලේ නාගරික ක්‍රීඩාංගණය දක්වා ගමන් කිරීමට ඇති පටු මාර්ගයේ ආරම්භක ස්ථානයේ ගොඩනැගිලිවලට සමාන්තරව ඉදිකර ඇති පැති බැම්ම මෙලෙස ඉරි තැලීමට ලක්ව කඩා වැටීමේ අවදානමක් හටගෙන ඇති බව ජනතාව වැඩිදුරටත් සඳහන් කරති 

කටුකැලේ නාගරික ක්‍රීඩාංගණයට යාබදව පිහිටි කටුකැලේ බටහිර ග්‍රාම නිලධාරී කාර්යාලය හා ප්‍රජා මණ්ඩලය වෙත ගමන් කරන ප්‍රදේශවාසීන් මෙන්ම පාගමනින් ගමන් කරන පාසල් දරුවන්  විශාල පිරිසක් දෛනිකව ගමන් කිරීමට භාවිතා කරන මෙම මාර්ගයේ ආරක්ෂිත බව තහවුරු කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුබව ජනතාව අවධාරණය කරති .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *