මොහොමඩ් ආසික්
කටුගස්තොට නගරයේ පිහිටි දැව ගබඩාවක් සහිත ලී මෝලක අද 01 අලුයම හට ගත් ගින්නක් හේතුවෙන් එම ලී මෝලට සහ දැව ගබඩාවට දැඩි හානි සිදුව තිබේ . මෙම ලී මෝලේ සවි කර තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්ර සූත්ර, දැව කඳන් ,ඉරූ දැව, නිෂ්පාදනය කරන ලද දැව භාණ්ඩ ඇතුළු බොහෝ දෑ පිලිස්සී ගොස් ඇති අතර එමගින් සිදුවඇති අලාභය රුපියල් කෝටි ගණනක් බව එහි පාලනාධිකාරිය පවසයි.
මෙම ගින්න ඇති වීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර කටුගස්තොට පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.



