ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දිවයිනට 

(ලක්මිණි නදීෂා) 

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

ඔහු සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ ගුවන් යානයකින් පැමිණි බව ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසීය.

ඔවුන් පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ දී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමුකරනු ඇත.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව මෙම දුත පිරිස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *