යල කන්නයේ සීනි හදන්න සෙවනගල උක්නෙලීම අරඹයි

 

අජිත්ලාල් ශාන්තඋදය

ලංකාවේ සිනි අවශ්‍යතාව සපුරා ගැනීමේ අරමුණු ඇතිව පිහිටවු සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ 2025 යල් කන්නයේ සීනි නිෂ්පාදනයට අවශ්‍ය උක් නෙලීම පසුගියදා සෙවනගල සිනි කම්හලේ ප්‍රධාන මෙහෙයුම් ඉෂාන් සේනක ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක් සපයන, සිනි සමාගම මගින් පාලනය වන උක් ගොවීන්ගේ සහභාගිත්වයෙන් මෙම උක් නෙලිම සිදුවිය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මැද මුල්ම උක්ගස් කිහිපය සුබ මොහොතින් නෙළනු ලැබීය.

සෙවනගල සීනි කර්මාන්තශාලාව විවිධ අවස්ථාවන්වල දේශපාලන වුවමනාවන් මත පුද්ගලිකරණය වීම් සිදුවිය. එහෙත් මේ වනවිට ලංකා සිනි සමාගම යටතේ එය පාලනය වෙයි. රජයට පවරාගැනීමෙන් පසුව සෙවනගල සීනි කර්මාන්ත ශාල‍ාව ලාභ ඉපැයීය. සිනි වලට අමතරව එහි නිපදවෙන එතනෝල් ලංකා වෙළදපොලට ලබාදිමෙන්ද විශාල ආදායමක් ලැබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *