ඒජන්සිය පිළිබඳ දැනගන්න ,1988 අමතන්න

රංජන් මඩගම්මන- 

විවිධ රැකියා සඳහා විදේශගත කරන බවද පවසමින් මුදල් වංචා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගියදා විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ ප්‍රධාන ගැටලු කීපයක් සම්බන්ධව සාකච්ඡාවට බඳුන් විය. පෞද්ගලික ඒජන්සි මගින් විදේශගත වන පුද්ගලයන්ට එම ඒජන්සිවල දත්ත සොයා බැලීම සඳහා විශේෂ දුරකථනථන අංකයක් හඳුන්වා දී  ඇතැයි විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී පැවසීය.1988 අමතා එම ඒජන්සිය පිළිබඳව දැනුවත් වීමට රැකියා සඳහා පිටත් වන පුද්ගලයන්ට හැකි වේ.

      යම් පාර්ශවයක් විසින් අනුමත මුදලට වඩා වැඩි මුදලක් අය කරන්නේ නම් හෝ බලපත්‍රයක් නොමැතිව යම් ක්‍රියාවලියකට සම්බන්ධ වී ඇත්නම් කාර්යාංශයට පැමිණිලි කළ හැකිය.සියලු තොරතුරු කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේද දැනුවත් විය හැක.ශ්‍රී ලංකා විදේශ සේවා නියුතු කාර්යාංශය අනුමත කරනු ලැබූ ඒජන්සි සහ ගාස්තු සම්බන්ධයෙන්ද මෙමගින් දැනගත හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *