එල් ටි ටි ඊ සංවිධානය වළ දැමු රත්රන් සෙවු 10 දෙනෙකු අත්අඩංගුවට.

මාධව කුලසූරිය, වවුනියාව

කිලිනොච්චිය, තිරුනගර ප්‍රදේශයේදී  එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වලදමා ඇති රත්රන් සොයා කැනීම් කල දස දෙනකු ඊයේ (25) භූමිය පරීක්ෂා කරන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත්බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

කිලිනොච්චිය යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත කිලිනොච්චිය පොලිසිය හා එක්ව සිදුකළ වැටලීමකදී සැකකරුවන් පිරිස සහ කැනීම් කළ උපකරණ අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ කැනීම් කළ ස්ථානයේ රත්තරන් පවතින බවට පුද්ගලයකු විසින් සැකකරුවන්  පිරිස වෙත තොරතුරු ලබාදී ඇති අතර එම ස්ථානය ස්කෑනර් යන්ත්‍රයක් මගින් පරීක්ෂා කරමින් කැනීම් සිදුකොට ඇති බවයි.

පසුගිය යුද සමයේ එල්. ටි.ටි.ඊ සංවිධානය විසින් රත්‍රං සඟවා ඇති බවට සැක කරන ස්ථානයක් සැකකරුවන් දීර්ඝ කාලයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කැනීම් සිදුකර ඇති බවත්, කැනීම් සිදුකරන ස්ථානයට ජලය ගලා එ‍්ම හේතුවෙන් ජල මෝටර යොදා එම ස්ථානයේ ජලය ඉවත් කිරීමද සිදුකොට ඇති බවද පොලිසිය සඳහන් කළහ..

අත්අඩංගුවටගත් සැකකරුවන් කෑගල්ල, මාවනැල්ල, කිලිනොච්චිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වෙති.

සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *