එක මිටට-ගොවි බිමට

සංජීවනී පද්මසේන

රට පුරා ප්‍රයෝජනයට නොගත් සියලුම ඉඩම් වගා කිරීම අරමුණු කරගත් ජාතික වැඩසටහනක් ආරම්භ කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් අමාත්‍යාංශය දැනුම් දෙයි. 

මෙම වැඩසටහන මඟින් දිවයින පුරා පිහිටි ප්‍රයෝජනයට නොගත් ඉඩම් හඳුනාගෙන ඒවා වගා කිරීම සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙයි.

වගා නොකරන ගොඩ ඉඩම් කුඹුරු හිමියන්, භුක්තිකරුවන් සහ වගාකරුවන් වෙත ගොස් තමන්ට අයිති ඉඩම් වගා කරන ලෙස දන්වමින් දැනුවත් කිරීමට ද බලාපොරොත්තු වෙයි. එම දැනුවත් කිරීමේ වැඩසටහන පෙබරවාරි 15 සිට පෙබරවාරි 23 දක්වා සිදු කිරීමට නියමිතයි. 

“ එක මිටට-ගොවි බිමට “යනුවෙන් එම ජාතික වැඩසටහන නම් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *