(නිපුණ නිර්මාල්)
පුල්මුඩේ ප්‍රදේශයේ පාසලක සා/පෙළ හා උ/පෙළ හදාරන සිසුන් දෙපිරිසක් අතර ඊයේ (15) දින පාසල් පරිශ්‍රයේදී ගැටුමක් හටගෙන තිබේ.
එහිදී උ/පෙළ සිසුවෙකු තියුණු ආයුධයකින් 16 හැවිරිදි සා/පෙළ සිසුවෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති අතර තියුණු ආයුධ ප්‍රහාරයෙන් ගෙලෙහි බරපතල තුවාල ලද සිසුවා පුල්මුඩේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
ප්‍රහාරය සිදුකළ සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
ගැටුමට හේතුව එම පාසලේම සිටින සිසුවියක් සමග පවතින ප්‍රේම සම්බන්ධතාවයක් බව කියැවේ.
තුවාල ලද සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා පුල්මුඩේ රෝහලේ සිට ත්‍රීකුණාමලය රෝහලට මාරු කර යවා ඇත.
