රංජන් මඩගම්මන-
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ සිසුන් 27, 4361 කි.ඉන් 17 7588 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබේ. විෂයන් තුනම අසමත් සිසුන් 29 ,244ක් ද වන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී.අමිත් ජයසුන්දර මහතා පැවසීය.
උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම් පත් 2025/05/02 දා සිට 2025/05/16 දක්වා කාලය ලබා දී ඇති බවත් www.onlineexams.gov.lk වෙබ් අඩවියෙන් අයදුම්පත් යොමුකල හැකි බවත් අමිත් ජයසුන්දර මහතා පවසයි.
