කැබිතිගොල්ලෑව කලාපය උසස් පෙළින් ප්‍රථම ස්ථානයට

සමන් පෙරේරා  

2024 (2025) අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව උතුරු මැද පළාතේ අධ්‍යාපන කලාප 8 අතරින් ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය සමත්ව තිබේ. ඒ සිසුන් 1096 විභාගයට මුහුණ දී ඉන් 722 දෙනෙකු සමත්ව 65.88 % ප්‍රතිශතයක් ලබාගනිමිනි.

දෙවන ස්ථානයට පත්ව ඇත්තේ කැකිරාව අධ්‍යාපන කලාපයයි. සිසුන් 2013 දෙනෙකු විභාගයට පෙනී සිට සිසුන් 1294ක් සමත් වී 64.28 % ක් ප්‍රතිශතයක් ලබා එම දෙවන ස්ථානය හිමිකරගෙන ඇත.

සිසුන් 4384 ක් විභාගයට මුහුණ දී ඉන් 2794 ක් සමත්ව 63.73 % ක ප්‍රතිශතයක් හිමි කරගනිමින් තෙවන ස්ථානයට පත්ව ඇත්තේ අනුරාධපුර අධ්‍යාපන කලාපයයි.

සිව්වන ස්ථානයේ සිට අටවන ස්ථානය දක්වා පිළිවෙලින් ගලෙන්බිඳුණුවැව, තඹුත්තේගම, පොළොන්නරුව, දිඹුලාගල හා හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාප හිමි කරගෙන ඇත.

මේ අනුව උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාප පහ 1,2,3,4,5 යන ස්ථාන හිමිකර ගැනීමත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 6,7,8 ස්ථාන හිමිකර ගැනීමත් විශේෂත්වයකි.

මෙවර උතුරු මැද පළාතේ සිසුන් 14333 ක් උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අතර ඉන් සිසුන් 8901 සමත්ව සාමාන්‍ය 62.19 % ක ප්‍රතිශතයක් හිමිකරගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *