උපසම්පදා පින්කම සඳහා අනුග්‍රහය දැක්වීමට ආණ්ඩුව ලක්ෂ ගණනක්  ඉල්ලයි.

නා උයනේ අරිධම්ම හිමි උපසපන් වූ සීමා මාලකයේ උපසම්පදා පින්කම සදහා අනුග්‍රහය ඉල්ලු භික්ෂූන්ගෙන් ආණ්ඩුව ලක්ෂ ගණනින් මුදල් ඉල්ලයි.

ගලදූව අරණ්‍ය සේනාසනයට ඇරඹි ශ්‍රි කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ශාඛා 300 කට අධික ප්‍රමාණයක භිත්ෂූන් වහන්සේලා දහස් ගණනක් වැඩවාසය කරති. මෙම භික්ෂූන් වහන්සේලා ගල්දූව උදකුක්ඛේප සීමා මාලකයේ උපසම්පදා වූ භික්ෂුන් වහන්සේලා වන අතර සෑම අවුරුද්දකම උපසම්පදා පිංකමක් පැවැත්වේ. ඒ සදහා ඔරුවක සැදි සීමා මාලකය ගඟ මැදට රැගෙන පිරිසිදු කොට ගොස් සවීකිරීම සෑම වර්ෂයකම පාහේ නාවුක හමුදාව විසින් නොමිලේ සිදුකරන ලදි.

නමුත් මෙවර ඒ සදහා ඉල්ලීම් කළ විට රුපියල් ලක්ෂ ගණනක් ගල්දූව අරණ්‍ය සෙනසුනෙන් ගෙවිය යුතු බවට නාවුක හමුදාපති දන්වා තිබේ.

ඒ පිළිබදව අදහස් ප්‍රකාශ කල කස්සප හිමි එම ලිපිය උපුටා දක්වා ප්‍රකාශ කලේ මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ක්‍රියාවල නියැලෙන බවත්, වනගත භික්ෂූන් වහන්සේලා පවා පෙලමින් කටයුතු කිරීම ඉතාම අප්‍රසන්න බවත් ය.

වහාම මෙම වරද නිවැරදි කර පෙර පාලකයන් මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ලැබුණු ස්ථානය සුරකමින් කටයුතු කරන ලෙසද උන් වහන්සේ දැඩිව අවධාරණය කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *