කිත්සිරි වනසිංහ අනුරාධපුර
පසුගිය රජය මගින් වැඩ ආරම්භ කොට අතරමග නවතා දමා ඇති උතුරු මැද මහ ඇල ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරණ ලෙස රුවන්වැලි චෛත්‍යරාමාධිපති පූජ්‍ය ඊතල්වැටුණවැවේ ඥාණතිලක නාහිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරියගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියහ.
උතුරු මැද ජන ජීවිතය මෙන්ම බිඳ වැටුණු ආර්ථිකය යළි සවි බල ගැන්විය හැකි එකම පොදු ව්‍යාපෘතිය මෙය වන හෙයින් එය කාලීන අවශ්‍යතාවයක් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මෙනවිය පසුගිය 23 වැනිදා පස්වරුවේ රුවන්වැලි මහා සෑ විහාරයේදී මහා නා හිමිපාණන් වහන්සේ බැහැ දැකීමට ගියඅවස්ථාවේ උන්වහන්සේ අග්‍රාමාත්‍යවරිය හමුවේ මෙම කරුණු අනාවරණය කළහ.
එහිදී දීර්ඝ අනුශාසනාවක යෙදුන උන්වහන්සේ මෙසේද ප්‍රකාශ කළහ.
උතුරු මැද මහ ඇල ව්‍යාපෘතිය තුළින් වැව් 1200 ක යල හා මහ යන දෙකන්නය තුළ වගා කළ හැකි ජලධාරිතාවක් රඳවා ගැනීමේ හැකියාව පවතී.
එමෙන්ම හෙට්ටයාර් 48,000 ක වගාවන් සිදු කෙරෙනවා.මෙම මහ ඇල ව්‍යාපෘතිය වව්නියාව ඉරණමඩු දක්වා දිව ගියහොත් තවත් හෙක්ටයාර් 18,000 වගා කිරීමේ හැකියාව පවතින බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
එමෙන්ම කියුබික් මීටර් 31,000 පානිය ජල නිෂ්පාදනයක්ද කළ හැකියි.ඒ වගේම එල්ලංගා පද්ධති 137 ක් සංවිධානය වෙනවා. මෙය තමයි වත්මන් රජයට උතුරු මැද පළාතට ලබා දිය හැකි රාජකීයම තෑග්ග බවද රුවන්වැලි චෛත්‍යාරාමාධිපති ඊතල්වැටුණු වැවේ ඥාණතිලක නහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

