කිත්සිරි වනසිංහ අනුරාධපුර
ගුරු පුරප්පාඩු 2100 ක් සහ අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 130 ක් මේ වන විට උතුරු මැද පළාත තුළ පවතින බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් උපදේශන ක්‍රියාවලිය හා අධීක්ෂණ ක්‍රියාවලිය බිඳ වැටීමකට ලක්ව ඇති බවත් පළාතේ අධ්‍යාපනය පහත වැටීමට එය සෘජු සාධකයක් බවත් හෙතෙම අවධාරණය කර සිටි.
උතුරු මැද පළාතේ අධ්‍යාපනය ඉලක්ක ගත අරමුණක් කරා ලඟා කර ගැනීමට මෙම ඌනතාවයන් සම්පූර්ණ කළ යුතු බවත් එසේ නොවන්නට අනාගත ඉලක්ක සපුරා ගත නොහැකි බවත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
පසුගියදා නිකුත් කරන ලද ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විශ්ලේෂණයන්ට අනුව උතුරු මැද පළාතේ පළමු තැන ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කලාපයට අයත් අ/කහපත්විලගම විදුහල වෙත හිමිවීම පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා , පැවති ආණ්ඩුවලට වගේම මෙම ආණ්ඩුවටද ඉලක්ක ගත වැඩ පිළිවෙලක් නෑ. ඔවුන් කරන්නේ ද නිලධාරීන් මාරු කිරීමක් පමණයි. තමන්ට හා තම පක්ෂයට හිතවත් නිලධාරින් ස්ථානගත කර ගැනීම මොවුන්ගේ ද අරමුණ වී තිබෙනවා. දුෂ්කර කලාප වන ගලෙන්බිඳුනුවැව කලාප වැනි කලාපවල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් හුදෙකලාව සිදුකරන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණ හිමි වී තිබෙන බවද කිව යුතුයි.
බරපතළ ලෙස දූෂණ වංචා හා විනය ක්‍රියාමාර්ගයන්ට ලක් වූ නිලධාරීන් අධ්‍යාපනයේ ඉහළ පුටුවලට පත් කිරීමට වත්මන් රජයද ගෙන යමින් ඇති ක්‍රියාමාර්ග හමුවේ පෙනීයන්නේ නැවතත් දූෂිතයින්ට අවස්ථාව හිමි වී ඇති බවයි.
ගුරු විදුහල්පති දඩයම නොව සිදු කළ යුතුව ඇත්තේ දූෂිත නොවන නිලධාරීන් මුල් පුටු වෙත පත් කොට උතුරු මැද පළාත අධ්‍යාපනයේ නවවෙනි ස්ථානයෙන් ඉහළට ඔසවා තැබීම යැයිද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
