උතුරු , උතුරු මැද සහ නැගෙනහිරටත් වැසි

 

 (චම්පිකා මුතුකුඩ)

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතියි.  

 

එම හේතුවෙන් අද බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ  දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 

 

බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ  මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය  හැක.

 

උතුරු සහ  උතුරු-මැද පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවේ.  

නැගෙනහිර පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය  හැකි බවද කාලගුණ වාර්තාව සඳහන් කරයි.

 

වයඹ, උතුරු-මැද, උතුරු, මධ්‍යම සහ  දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්  විටින් විට   පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය  හැක.

 ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *