උත්සව සමයේ අලෙවි කිරීම සඳහා පාළු නිවසක සඟවා තිබූ කසිප්පු බෝතල් 600 ක් 

මොහොමඩ් ආසික්

වත්තේගම පොලිස් බල ප්‍රදේශයට  අයත් අටලහගොඩ ප්‍රදේශයේ කඳු මුදුනක පාළු නිවසක සඟවා තිබූ නිති විරෝධි මත් පැන් කසිප්පු බෝතල් 600 ක් අඩංගු විශාල ප්‍රමාණයේ මළු 15 ක් වත්තේගම පොලීසිය මගින් අද 05 වනදා   දහවල් සොයා ගනු ලැබ තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරක් අනුව වත්තේගම අටලහගොඩ ප්‍රදේශයේ කන්දක මුදුනේ පාළු නිවසක උත්සව සමයේ අලෙවි කිරීම සඳහා  ඉතා සූක්ෂම ලෙස මෙම කසිප්පු බොතල් 600 සඟවා තබා තිබී ඇති අතර පොලීසිය දැඩි වෙහෙසක් දරා මෙම කසිප්පු තොගය  සොයා ගෙන තිබේ.

එළඹෙන උත්සව සමයේ විකිණිම සඳහා පිට ප්‍රදේශයක සිට රැගෙන විත් මෙම පාළු නිවසේ සඟවා තිබියදී මෙම කසිප්පු තොගය පොලීසිය මගින් සොයා ගෙන තිබේ.

මෙම කසිප්පු තොගය මෙම ස්ථානයේ සඟවා තිබූ බවට සැලකෙන  ප්‍රධාන සැකකරුද ඇතුළුව සැකකරුවන් පස් දෙනෙකු පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙලෙස අත් අඩංගුවට පත් ප්‍රධාන සැකකරු මින් පෙරද මෙවන් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව දඩුවම් විඳි අයෙකු බවත් පොලීසිය කියයි. අත් අඩංගුවට ගත් සැකකරුවන් හෙට (06) වනදා තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති නීතිඥ ලලිත් පතිනායක මහතාගේ සහ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත තෙල්දෙණිය  කොට්ඨාසය භාර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අසංක බණ්ඩාර මහතාගේ සහ පොලිස් අධිකාරි අංගම්මන මහතාගේ මෙහෙයවීම මත වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා සමඟ උප පොලිස් පරික්ෂක ගොඩගන්දෙණිය, සැරයන් 21865 බණ්ඩාර, පොකො 101227 අබේවික්‍රම,  103553 සමරකෝන් , 103752 පල්ලේවත්ත , 88965 ඒකනායක, පොසැරි 74054 නිශාන්ත යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *