උඩදුම්බර ගම් රැසකට වන අලි තර්ජන

 

(මොහොමඩ් ආසික්)

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසකට වන අලි තර්ජන එල්ල වී ඇති බව එම ප්‍රදේශවල ජනතාව පවසති.

 උඩදුම්බර, පිටිගොඩ, ලිහිණිය,බඹරබැද්ද, දේවින්නාගම ඇතුළු ගම්මාන රැසක් මෙම වන අලි තර්ජනයට මුහුණ දී සිටින බවත් ඔවුහු කියති.

රාත්‍රී කාලයේ මෙන්ම දහවල් කාලයේදීද  වගා බිම් වලට එන අලින් වගාවන් සම්පූර්ණයෙන් විනාශ කර දමන බවත් ඔවුහු කියති.

වන අලින් ගම්වලට වැදීම පාලනය කිරීම සඳහා අලි වැට තිබුණත් එම අලි වැට අස්සෙන් රිංගා අලින් ගම්වලට එන බවද ගොවීහු ප්‍රකාශ කරති.

මෙම වන අලින්ගෙන් සිදු වන හානිය නිසා කිසිදු වගාවක් ආරක්ෂා කර ගත නොහැකි බවත් ඔවුහු කියති.  අලි තනිව හෝ දෙතුන් දෙනෙකු එක්ව ගමට වදින අවස්ථා බහුලව  පවතින බවත පවසන ඔවුහු  මෙම අලි තර්ජනයෙන්  තම ගම්මාන ආරක්ෂා  කර දෙන ලෙසත් එම ගම්වල ජනතාව වග කිව යුතු අංශවලින් ඉල්ලා සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *