(ලසන්ත නිරෝෂණ පෙරේරා )
බලන්ගොඩ තලන්ගම විදුහලට ගසක් කඩා වැටීමෙන් සිසුන් අනුභවයෙන් බේරි ඇති අතර රත්නපුර වේවැල්වත්ත කාණිෂ්ඨ විද්‍යාලයටද ගසක් කඩා වැටිමෙන් එම පාසල වසා දමා තිබේ.
ඊයේ 29 රාත්‍රි බලන්ගොඩ ,වේවැල්වත්ත සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක තද සුළං තත්වය හේතුවෙන් මාර්ග කිපයක් අවහිරව, විදුලිය හා දුරකථන කණූ කඩා වැටිම් වාර්තාවි ඇතැයි රත්නපුර ආපදා කළමනාකරණ ඒකකය පවසයි .
බලන්ගොඩ තලන්ගම ව්ද්‍යාලයට විශාල කෝන්
ගසක් කඩා වැටිමෙන් තලංගම විදුහලේ ගොඩනැගිල්ලකට හා ළමා උද්‍යානයට හානි සිදුව තිබේ.
පාසල ආරම්භ කිරිමට පෙර අද 30 අලුයම් කාලයේදි එම ව්ශාල ගස කඩාවැටිම නිසා පාසැල් සිසූන්ට හානියක් සිදු නොවු බව දෙමාපියෝ පවසති.
මෙම ගස කඩා වැටිම නිසා ප්‍රදේශය විදුලි කුලුනු කිපයකට හා දුරකථන කණු කිපයකට හානි සිදුව ඇත මේ නිසා බලංගොඩ තලංගම මාර්ගය අවහිර වී තිඹුණි .
රත්නපුර වේවැල්වත්ත කනිෂ්ඨ ව්ද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට කොට්ටම්බා අත්තක් කඩාවැටිමෙන් පසු එම පාසල එදින වසා දමා තිබේ.


