(යසංග මහවිතාන)
ඉහළ කොත්මලේ ජලාශයේ දොරටුවක් විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කරයි.
ඉහළ කොත්මලේ ජලාශය මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොත්මලේ ඔය මගින් පෝෂණය වන ජලාශයකි. දිගින් කිලෝමීටර් හැත්තෑවක් පමණ වන කොත්මලේ ඔය හෝර්ටන් තැන්නෙන් ආරම්භ වේ.
ඉහළ කොත්මලේ ජලාශයේ මෙම ජලපෝෂකවලට තව දුරටත් වැසි ලැබුණොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බව නුවර එළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මේ නිසා ජලාශ වෙිල්ලට පහළින් සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස එම ඒකකය දන්වා සිටියි.
