ලක්මිණි නදීෂා – කොළඹ
ඊයේ (23) රාත්‍රී කාලයේ පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වා තිබේ.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පමුණුගම පොලිස් ස්ථානයට වැටලීමක් සිදුකර ඇත.
එහිදී මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිටි බවත් මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා සමඟ සැකකරුවන් 16 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහි රැඳී සිටි සැකකාරියන් 07 දෙනෙකු සහ සැකකරුවන් 34 දෙනෙකුද සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තවද මෙම සාදය පැවැත්වූ හෝටලයේ හිමිකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව පොලිසිය කියයි.
පමුණුගම පොලිසිය සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්’ශන සිදු කරනු ලබයි.
