ඉන්ධන මිල සංශෝධනයක්

යසංග මහවිතාන

ඊයේ දින (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල පහළ දමා තිබේ

නව සංශෝධිත මිල ගණන් වලටඅනුව රුපියල් 299.00 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 293.00 කි.

රුපියල් 361.00 ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහත දමා ඇත.එහි එහි ලීටරයක නව මිල රුපියල් 341.00 ක්  වේ.

රුපියල් 286.00ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක් රුපියල් 12කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 276 .00 කි.

මිල සංශෝධනයට අනුව ලීටර්යක් රුපියල් 325 .00 ට අලෙවි කරනුයේ රුපියල් 331ක්ව පැවති ලංකා සුපිරි ඩීසල්ය.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 178කි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *