ඉන්දීය ධීවර ගැටලුවට විසඳුම් ඉල්ලා යාපනයේ විරෝධතා

වවුනියාව මාධව කුලසූරිය.

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් සිදුකරන මත්ස්‍ය ජාවාරම නවතාදෙන ලෙසට ඉල්ලා යාපනය දිස්ත්‍රික් ධීවර ජනතාව අද(27) විරෝධතාවයක නිරතවූහ.

යාපනය දූපත් ධීවර ජනතාව හා යාපනය ධීවර සංගම් සාමාජිකයින් එක්ව විරෝධතාවය කැඳවා තිබු අතර, විරෝධතාවය වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ඉන්දීය ධීවරයින් ට්‍රෝලර් යාත්‍රා යොදාගෙන මෙරට මුහුදු සීමාවේ සිදුකරන මත්ස්‍ය ජාවාරම වහාම නවතා දෙන ලෙසට විරෝධතාකරුවෝ ඉල්ලීම් කළහ.

රජය මැදිහත්ව ඉන්දීය ධීවර ගැටළුවට විසඳුම් ලබාදිය යුතු බවට ඉල්ලීම් කරමින් පෝස්ටර් හා බැනර් ප්‍රදර්ය කරමින් යාපනය ධීවර සංගම් නියෝජිතයෝ විරෝධතාවයේ නිරතවූහ.

විරෝධතාකරුවන් සිය ගැටළුවට විසඳුම් ඉල්ලා යාපනය ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වෙත සංදේශයක් භාරදුන් අතර,යාපනය පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත පෙත්සමක් භාරදීමට යාමේදී අදාළ ස්ථානයේ පොලිසිය යොදා ආරක්ෂාව තරකොට තිබිණ.

පොලිසියේ මැදිහත්වීම මත විරෝධතාකරුවන්ගෙන් නියෝජිතයින් පිරිසකට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක් භාරදීමට අවස්ථාව සළසාදීමත් සමඟ විරෝධතාවයේ උණුසුම් තත්වය පාලනය විණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *