ලක්මිණි නදීෂා
තෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍රසිංහ මෝදි මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේය.
ඔහු ඉන්දීය රජයට අයත් බෝයිං – 777 වර්ගයේ “ඉන්දියා – 01 ” දරන විශේෂ ගුවන් යානය , තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද(04) රාත්‍රී 08.33 ට පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය තුළ , ශ්‍රී ලංකාවේ සංචාරය සදහා සහභාගී වීම සදහා ඉන්දීය දූත පිරිස ලෙස 60 දෙනෙකු පැමිණෙමින් සිටිති . ඔවුන් අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා ද සිටීම විශේෂත්වයකි.
ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර පැවති බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව මෙම ශ්‍රී ලංකා සංචාරය සදහා සහභාගී වීම සදහා පැමිණ තිබුණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටින අතර , මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින වැසි සහිත කාළගුණික තත්වය නිසා , මෙම උත්සවය එම මැදිරිය තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විටින් විට මාර්’ග වසා තැබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.
ඒ අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක සිදුකරන රථවාහන සැලැස්මට අනුව,අද සවස හයේ සිට රාත්‍රී දහය දක්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට නියමිතය.
එමෙන්ම මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන තැනැත්තන්ට, මෙම මාර්’ග වසාතැබීම පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙස දැනුම් දෙයි.
6 වනදා පෙ.ව 7.30 ත් 10.30 අතර කාලයේ අනුරාධපුර නගරය, ජය ශ්‍රී මහ බෝධිය සහ දුම්රියපොළ ආශ්‍රිතව ප්‍රධාන මාර්ගද වරින්වර වසා තැබෙනු ඇත.
එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව තම කටයුතු සිදුකර ගැනීම සඳහා විකල්ප මාර්’ග භාවිතා කරන ලෙසද දැනුම් දෙයි.
ශ්‍රී ලංකා සංචාරය නිමවා අප්‍රේල් 6 වෙනි දින අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය
