වවුනියාව ප්‍රසන්න ප්‍රදීප් කුමාර
නාවික හමුදාව විසින් මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළුව ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමග ඉන්දියානු ධිවරයින් 14 කු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුළුව, මෙසේ ධීවර කටයුතු වල නිරත වූ ඉන්දියානු යාත්‍රා රැසක් නාවික හමුදාව නිරීක්ෂණය කර ඇති අතර එම යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීම සදහා උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළ බඩ මුර යාත්‍රා යොදවා මෙහෙයුමක් නාවික හමුදාව විසින් සිදු කරන ලදී.
ඒ අනුව නාවික හමුදාව අදාළ යාත්‍රා දෙකට නීත්‍යානුකුලව ඇතුළුවී එම යාත්‍රා දෙක හා ඉන්දියානු ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දාහතර දෙනා (14) ඉරණතිව් දූපත වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබේ.


