රංජන් මඩගම්මන-
ර/ ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ 2024 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් සිසුන් දෙසිය පනස් එකක් (251) ඇගයීමට ලක් කිරීම විද්‍යාලීය පරිශ්‍රයේදී හිටපු සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කුරුප්පුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙහිදී කඩයිම් ලකුණු ලබාගත් සිසුන් (122) කි. විභාගයට මුහුණ දුන් සිසුන් 251 ක් දෙනාම ඇගයීමට ලක් කිරීම විශේෂත්වයකි. ආදි ශිෂ්‍ය සංගමය, මහජන බැංකුව මේ සඳහා සහය විය .ඇහැලියගොඩ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.එම්.ඒ.ඩී.විජේසිරි , ඇහැලියගොඩ ධර්මපාල ජාතික පාසලේ විදුහල්පති සුගත් රාජපක්ෂ- , පවිත්‍රා ප්‍රියංගනීද සිල්වා ඇතුළු ගුරුභවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


