ඇහැළියගොඩ නගරයේ පිපාසයේ නිවන්න තව කලක් යාවි

 

අජිත්ලාල් ශාන්තඋදය

ඇහැලියගොඩ නගරයට පිරිසිදු පානීය ජලය ලබාගැනිම සදහා රත්නපුර සිට පරකඩුව දක්වා දිවෙන ජලමාර්ගය ප්‍රමාණවත් නොමැති බැවින් අවිස්සාවේල්ලේ සිට නව ජලමාර්ගයක් යෝජිත බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අවධාරණය කරයි.

කෙසේ වෙතත් ඇහැළියගොඩ නගරයේ පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් දෛනිකව ජල බවුසරයක් මගින් පානීය ජලය සැපයීම කරන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමණාකාරවරයා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දුන්නේය.

රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පෙන්වා දුන්නේ එක් ජල බවුසරයකින් සපයන ජලය ප්‍රමාණවත් නොවන බවට නගරවැසියන් පවසන බවයි. එනිසාඒ මහතා ඉල්ලා සිටින්නේ අතිරේකව තවත් ජල බවුසරයක් ලබාගෙන ඇහැළියගොඩ නගරයේ පානීය ජල අවශ්‍යතාව බවුසර් දෙකක් මගින්වත් සපයන ලෙසයි

ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසුවේ ඇහැළියගොඩ නගරයට පානීය ජලය සැපයීමේ ව්‍යාපෘතිය සැලසුම් මට්ටමේ පවතින එකක් බවයි. ඒ සදහා මුල්‍ය පහසුකම් සොයාගත යුතුව ඇති බවද ඔහු අවධාරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *