ඇහැලියගොඩ විදුලිය බිඳවැටීම් යථාවත් කිරීම අකාර්යක්ෂමයි

රංජන් මඩගම්මන- 

ඇහැලියගොඩ විදුලි ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ වරින් වර සිදුවන විදුලි බිඳ වැටීම හේතුවෙන් මහජනයා දැඩි ලෙස අසීරුතාවයට පත්ව සිටිති.

ඇදහැලෙන වර්ෂාවත් සුළඟත් හේතුවෙන් ඇහැලියගොඩ ප්‍රදේශයේ ගම්මාන රැසක ගස් කඩා වැටීම් විදුලි බිඳ වැටීම්  නිතර  නිතර සිදුවීම හේතුවෙන් ජනතාවට සතිගණන් විදුලිය නොමැතිව අසීරුතාවයට පත්ව සිටිති.

පනාවල,අම්බලම්පිටිය,මඩගම්මන ,මින්නාන,එල්ලාවල ,කරදන,තලපිටිය ,ඉද්දමල්ගොඩ,බෝපැත්ත,අම්බලන් පිටිය, ප්‍රදේශ ඒ අතර වේ.ඇතැම් ස්ථානවල විදුලි කණු ආශ්‍රිත ව කඩාවැටෙන ගස් ගම්වාසින් විසින් ඉවත් කළද ,ඉදිරි කටයුතු මණ්ඩලය විසින් කඩිනමින් සිදුනොවෙන බව ප්‍රදේශය වාසීහු කියති. මහජනතාව  විසින් දැනුම් දීම්  කළද ,ප්‍රමාණවත් පහසුකම් සහ සේවක සංඛ්‍යාවේ අඩුවක් පැවතීමේ හේතුවෙන් මේ වන විට විදුලි බිඳ වැටීම සකස් කිරීමට දින හතරක් ,පහක් ඊටත් වඩා දින ගනණක් ගතවීමට සිදු වී ඇතැයි විදුලි බල මණ්ඩල වගකිව යුත්තෝ පවසති. 

     වරින් වර විදුලි බිඳ වැටීම සිදුවීමත්,විදුලි රැහැන් ආශ්‍රිත ගස්කොළන් කපා දැමීමේදී විධිමත් වැඩසටහනක් නොමැති වීම හේතුවෙන් මේ තත්ත්වය දැඩිව බලපා ඇති බවත් ,වරින්වර  විදුලි බිඳ වැටීම හේතුවෙන් නිවාස වල විදුලි උපකරණ හා තාක්ෂණික උපකරණ,පරිගණක ආදියට හානි සිදුවීමෙන් වරින් වර අලුත් වැඩියා කිරීමට සිදුවී ඇතැයි ජනතාව චෝදනා කරති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *