යසංග මහවිතාන
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇත.ඊයේ 13 පැවති අයහපත් කාලගුණික තත්ත්වය මීට හේතුවී පස්පස් කන්ද කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනය අවහිර වී ඇත.
පස් කන්ද කඩා වැටී ඇත්තේ රාවණා ඇල්ලට ඉහළ කොටසේ කඳු මුදුන මතිනි.
එම මාර්ගයේ ගමන් කිරීමටටුත බලාපොරොත්තුවෙන ජනයාට පොලිසිය විසින් විකල්පමාර්ග හඳුන්වා දී තිබේ.මාර්ගය පිළිසකර කර යථා තත්ත්වයට පත් කරන තෙක් එම විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටී.
හඳුන්වා දී ඇති විකල්ප මාර්ග මෙසේය.
• ඇල්ල සිට වැල්ලවාය දෙසට – බණ්ඩාරවෙලින් අඹදණ්ඩේගම හරහා ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් වැල්ලවාය දෙසට ගමන් කළ හැක
• වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට – වැල්ලවාය ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් අඹදණ්ඩේගම හරහා ඇල්ල දෙසට ගමන් කළ හැක.

