ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් නෙදර්ලන්තයේ කවුන්සිල් සාමාජිකත්වයට නැවත පත්වන විශිෂ්ට ශ්‍රී ලාංකිකයා

චම්පිකා මුතුකුඩ

නෙදර්ලන්තයේ වාසය කරන ශාන්ත දළුගමගේ මහතා යළිත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් නෙදර්ලන්තයේ කවුන්සිල් සාමාජික මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබේ

1975 වර්ෂයේ ශ්‍රී ලංකාවේ උපත ලද ශාන්ත දළුගමගේ මහතා  දශකයකට වැඩි කාලයක් තිස්සේ නෙදර්ලන්තයේ ජීවත් වේ. 2022 වසරේ පැවති ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් නෙදර්ලන්ත කවුන්සිල් මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා 2025 දක්වා ඔහු කවුන්සිල් සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.

2025 සිට 2029 දක්වා කාලසීමාව සඳහා නව මැතිවරණය 2025 මාර්තු මාසයේ මුල් සති දෙක තුළ පැවැත් වූ අතර, එම මැතිවරණයේදී ඔහු නැවත වරක් ජයග්‍රහණය  අත් කර ගනිමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් නෙදර්ලන්තයේ කවුන්සිල් සාමාජිකයකු ලෙස පත්විය.  සාමාජිකයන් හතළිස් දෙනකු අතරින් ඔහු නැවත මෙම තනතුරට පත්වීම ශ්‍රී ලංකාවට අති මහත් ගෞරවයකි

ශාන්ත දළුගමගේ මහතා ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතට අයත් ජා-ඇල ප්‍රදේශයේ උපන්නෙකි. ජාඇල  ශාන්ත මරියා මහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලබාගත් හෙතෙම අනතුරුව කඳාන ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයට ඇතුළත් විය.

අධ්‍යාපනය හමාර කළ ඔහු පුද්ගලික ආයතන කිහිපයක විකුණුම් විධායක, අධ්‍යක්ෂ ආදී තනතුරු හෙබවීය. දිරිය පදනමේ (මානව හිමිකම් )  නියෝජ්‍ය ලේකම් ලෙසද කටයුතු කළ ඔහු, නිදහස් ජයාරූප ශිල්පියකු හා මාධ්‍යවේදියකු ලෙස පුවත්පත් කිහිපයකටම සම්බන්ධව කටයුතු කළේය.

ඉන් අනතුරුව විදේශගත වීමට තීරණය කළ ඔහු 2011 වර්ෂයේ සිට නෙදර්ලන්තයේ වාසය කරයි.

කුඩා කළ පටන් සමාජයට  යහපත් යමක් කිරීමේ ආශාවෙන් පෙළුණු දළුගමගේ මහතා සිය ජීවිතයේ ලද කටුක අත්දැකීම් තුළින්ම පන්නරය ලද මානව හිතවාදියෙකි. දියුණු යයි සම්මතත යුරෝපීය රටවල පුරවැසියන් භුක්ති විඳින සැප සම්පත් හා නිදහස් ජීවිතය සියැසින් දැක අත්විඳි ඔහුට උපන් බිමෙහි දුක් විඳින සහෝදර ජනතාව වෙනුවෙන් උපන්නේ අවංක සංවේගයකි.  ශ්‍රී ලංකාවේ දිළිඳු ජනයා හා  මානව අයිතීන් වෙනුවෙන් අවංකවම පෙනීසිටින අය ඉතා අල්පයක් වීම නිසා ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට දළුගමගේ මහතා තීරණය කළේය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබදවද බොහෝ අත්දැකීම් ලබා ඇති ඔහු පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කළ කාලයේ පටන්ම දක්නට ලැබුණු වංචා දුෂණ ආදිය නිසා ලංකාවේ දේශපාලනය පිළිබඳ කලකිරීමට පත්විය. සමාජයට අවංකවම යම් දෙයක් කිරීමට ඇති වූ ආශාව නිසා තම හැකියාවන් අසරණ ශ්‍රී ලාංකිකයන්ගේ යහපත සඳහා යෙදවීමට ඔහු තීරණය කළේය.

වර්තමානයේ ඔහු ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිහඩව විශාල සේවයක් ඉටු කරමින් සිටින්නෙකු ලෙස නොබියව හඳුන්වා දිය හැක. සරණක් පිටුවහලක් ඇවැසි වූ මිනිසුන්ට අත්වැලක් වීමේ අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් හෙතෙම මේ වන විට නෙදර්ලන්තයේ ස්ටිච්චින් මිෂන් ලංකා ආයතනයේ නිර්මාතෘ වශයෙන්ද, Truth Media International හි විධායක අධ්‍යක්ෂක වශයෙන්ද ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මහඟු මෙහෙවරක නිරතව සිටියි.

ලංකාවේ බොහෝ පාසල් දරුවන්ට පාසල් කාලය තුළ පානය කිරීමට පිරිසිදු දිය පොදක් නොලැබේ . මේ තත්ත්වය වටහා ගත් දළුගමගේ මහතා ලංකාවේ පාසල් විසි එකක් සඳහා විශේෂ ජල පෙරහන් පද්ධති ලබාදීමට මූලික විය. ඉන් නොනැවතී  පාසල් සඳහා වැසිකිළි ව්‍යාපෘති රාශියක්ද ක්‍රියාත්මක කර තිබේ. විවිධ පාරිසරික අධ්‍යාපන වැඩසටහන් හා සමාජ සේවා ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින්  එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක 6 (පිරිසිදු ජලය සහ ආරක්ෂිත සනීපාරක්ෂාව), SDG 3 (සෞඛ්‍යය සහ සුභසාධනය), SDG 4 (ඉහළ තත්ත්වයේ අධ්‍යාපනය) සහ SDG 16 (සන්සුන් හා සාමකාමී සමාජ) යන අරමුණු ප්‍රවර්ධනය කිරීමට හෙතෙම ඇප කැපවී ක්‍රියා කරයි

ඉන් නොනැවතුණු ශාන්ත  දළුගමගේ මහතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා පුහුණු වැඩසටහන්, ජිවිත රක්ෂණ ව්‍යාපෘති, අවශ්‍ය උපකරණ හා වෘත්තිය පුහුණු සපයමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කටයුතු සඳහාද උපකාර කරයි.

ඔහු මානව හිමිකම් සහ පරිසරය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන පුද්ගලයෙකු වන අතර,  මිනිසුන්ගේ දුක හඳුනාගත් අවංක මානව හිතවාදියෙකු ලෙස උපන් රටේ සහෘද ජනයාට අනූපමේය සේවයක් සලසමින් සිටියි.

තම උපන් බිමෙහි සහෝදර සමාජයේ අයිතිවාසිකම් සුරැකීමට පෙරමුණ ගෙන සිටින ශාන්ත දළුගමගේ මහතා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම උදෙසාද මහත් වෙහෙසක් දරයි. මානව හිමිකම් ක්‍රියාධරයන් හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් පුහුණු වැඩමුළු ,ජීවිත රක්ෂණ ව්‍යාපෘති හා  වෘත්තීය පුහුණු වැඩසටහන් මෙන්ම අවශ්‍ය උපකරණ ලබාදීම් පවා සිදුකරමින්  මහඟු කාර්යභාරයක් ඉටුකරයි .ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ඔවුන්ගේ වෘත්තිය නිපුණතාවයන්  ඔප්නැංවීම හා  ආකල්ප සංවර්ධනය තුළින්  සමාජයට නිවැරදි තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට නිරන්තරයෙන් උත්සාහ කරන ඒ මහතා කලාතුරකින් පහළ වන විශිෂ්ට ඝණයේ මානව හිතවාදියෙකු හා පරිසර හිතකාමියකුද වෙයි.

යුරෝපීය කොමිසමේ යුරෝපීය දේශගුණික ගිවිසුම් තානාපතිවරයා වශයෙන් කටයුතු කරන ඔහු Stop  Ecocide International හි ශ්‍රී ලංකා සම්බන්ධීකාරකද, universal peace Federation හි ජාත්‍යන්තර සාම තානාපතිද, ජාත්‍යන්තර අපරාධ අධිකරණ නීතිඥ සංගමයේ (ICCBA) අනුබද්ධ සාමාජිකයෙක්ද, ජාත්‍යන්තර අධිකරණ සහ විනිශ්චය සභා ඉදිරියේ පුහුණුවන ආරක්ෂක උපදේශක සංගමයේ  (ADC-ICT) සාමාජිකයෙක්ද  වෙයි .Canada Lawyers Right  watch හි ක්‍රියාකාරී සාමාජිකයකු හා ස්වේච්ඡා සේවකයෙකු ලෙස කටයුතු කරමින්  You Have Rights  ජාත්‍යන්තර මානව හිමිකම් කමිටුවේ  සම්බන්ධීකාරක තනතුරද උසුලයි.එක්සත් ජාතීන්ගේ ගෝලීය සන්නිවේදන ඒකකයේ සිවිල් සමාජ  නියෝජිතයෙකු ලෙසද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සාමාජිකයකු සහ මාර්ගගත ස්වේච්ඡා සේවකයකු ලෙසද  තම මෙහෙවර ලොවට පුදන දළුගමගේ මහතා ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යාංශයේ (දිවයින පුරා) සාම විනිසුරුවරයෙකි.

ඔහුගේ කටයුතු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සහ මානව හිමිකම් රැකබලා ගැනීමේ ජාත්‍යන්තර උත්සාහයන්ට වැදගත් වටිනාකමක් එකතු කරයි. උපන් බිමට ගෞරවයත් ,කීර්තියත් උපන්බිමේ සහෘද ජනතාවට අප්‍රමාණ සහනයත් රැගෙන එන ශාන්ත දළුගමගේ මහතා මව් රටට මෙන්ම ලෝකයටම සිය යුතුකම් නොපිරිහෙලා ඉටුකළ විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *