ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේත් වැසි

 චම්පිකා මුතුකුඩ

නිවර්තන අභිසාරී කලාපය උතුරු වර්ග ගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ සිට පැමිණෙන  සුළං අභිසාරී වන කලාපය තවදුරටත් දිවයිනේ කාල ගුණයට බලපෑම් කරමින් පවතී.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර සහ  උතුරු-මැද පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ  ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැක.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැකි බවද එම කාලගුණ  වාර්තාව ප්‍රකාශ කරයි.

 

 

බස්නාහිර සහ  දකුණු පළාත්වලත් පුත්තලම සහ  මන්නාරම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැක.

 

 මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත  තත්ත්වයක් පැවතිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ  විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *