චම්පිකා මුතුකුඩ
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය ) දිවයිනේ කාල ගුණයට තව දුරටත් බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකි බව අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවේ දැක්වේ.
දිවයිනේ දකුණු සහ බස්නාහිර පළාත්වලත්, පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසී ඇති විය හැකිය.
මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත්, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් සීයක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම කාලගුණ වාර්තාව ප්‍රකාශ කරයි.
මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
