හේවාහැට-චම්පික දසනායක
ආහාර සුරක්ෂිතතාවයෙන් යුත් දේශයක් යන තේමාව යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ” එක මිටට ගොවිබිමට ” ජාතික වැඩසටහනට සමගාමීව ගොවි ජනතාව දැනුවත් කිරීමේ ප්‍රායෝගික වැඩසටහනක් පසුගිය 28දා මහනුවර දිස්‌ත්‍රික්‌කයේ දෙල්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නවනැළිය කෘෂිකාර්මික ගම්මානයේදී පැවැත්විණ
මහනුවර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ගම්මාන අතරින් ප්‍රමුඛතම ප්‍රදේශයක් වන නවනැළිය කොට්‌ඨාසයේ ගොවි ජනතාව වගා බිමේදී මුහුණ දෙන ගැටළු සඳහා මෙහිදී විසඳුම් ලබාදීම සිදුවිය
පස් පරීක්‍ෂා කර නිර්දේශ ලබාදීම ගුණාත්මක බිත්තර වී භාවිතය බීජ ප්‍රථිකාර ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම පැරෂුට් තවාන් තාක්ෂණය වප්පත් ඇල පද්ධතිය එකාබද්ධ පෝෂක කළමණාකරණය, එකාබද්ධ වල් පැළෑටි පාලනය හා එකාබද්ධ පළිබෝධ පාලනය යන කරුණු පිළිබඳව මෙම වැඩසටහනේදී ගොවි ජනතාව දැනුවත් කරන ලදී
මහනුවර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ මූලිකත්වයෙන් මාරස්සන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මැදිහත් වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.


