ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා  කණ්ඩායම පිටත්ව යයි.

 

(S.රත්නායක)

දකුණු කොරියාවේදී පැවැත්වෙන 26වන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්වෙයි

 

මෙම කණ්ඩායමේ නායකත්වය හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහට හිමි වී ඇති අතර නායිකාව ලෙසින් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ කටයුතු කිරීමට නියමිතයි.

 

මැයි මස 27 සිට 31 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 13ක් සහ ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාගී වෙති.

 

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම

යුපුන් අබේකෝන් – මීටර් 100 , මීටර් 200, මීටර් 100 සහය

චමෝද් යෝධසිංහ – මීටර් 100 , මීටර් 100 සහය

කාලිංග කුමාරගේ – මීටර් 200, මීටර් 400 , මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය

අරුණ දර්ශන – මීටර් 400 , මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය

ලෙසදු අර්තවිදු – උසපැනීම

සුමේධ රණසිංහ – හෙල්ල විසිකිරීම

රුමේෂ් තරංග – හෙල්ල විසිකිරීම

මෙරෝන් විජේසිංහ – මීටර් 100 සහය

දිනෙත් වීරරත්න – මීටර් 100 සහය

චමෝද් දිසානායක – මීටර් 100 සහය

සදෙව් රාජකරුණා – මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය

කල්හාර ඉන්දූප – මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය

ඔමෙල් සසින්ත සිල්වා – මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය

 කාන්තා කණ්ඩායම

රසාරා විජේසූරිය – මීටර් 5000, මීටර් 10000

දිල්හානි ලේකම්ගේ – හෙල්ල විසිකිරීම

නිෂේන්ද්‍රා ද සිල්වා – මීටර් 400 , මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය

නදීෂා රාමනායක – මීටර් 400 , මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය

සයුරි මෙන්ඩිස් – මීටර් 400 , මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය

ජයේෂි උත්තරා – මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය

ජිත්මා විජේතුංග – මීටර් 400 සහය, මීටර් 400 මිශ්‍ර සහය තරග සඳහා සහභාගි වීමට නියමිතය.

උපන් බිම වෙනුවෙන් සටන් වදින අපේ ශූරයන්ට Truthlk අපේ සුභ පැතුම්…!!!!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *