ආරක්ෂාව පිළිබඳ  සැලකිලිමත් වන්න; ඊශ්‍රායලයේ  සිටින ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්.

චම්පිකා මුතුකුඩ

ඊශ්‍රායලයේ පැවැත්වෙන සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වන ලෙස එරට  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකීකයන්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.

අද (18) උදෑසන යෙමනයේ හවුති ත්‍රස්ත සංවිධානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කොට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර ගණනාවක් සාර්ථක ලෙස අක්‍රීය කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සමත්ව ඇත.

යෙමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

හෙට (19) සිට 26 වැනිදා දක්වා එරට ප්‍රදේශ කිහිපයක අවුරුදු උත්සව ඇතුළු විවිධ ඉසව් සංවිධානය කර ඇත. එම උත්සවවලදී ආරක්ෂාව පිළිබඳවව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *