ආයුධ රැසක් වැලිගමින් හසුවේ.හිමිකරු පළායයි.

තරංග ගුණරත්න

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත්  තිබූ ආයුධ රාශියක්, සොරකම් කරන ලද යතුරුපැදි අංක තහඩු දෙකක් සහ තවත් මෝටර් රථයක අංක තහඩුවක්,  අවි පුහුණුවට යොදාගන්නා පොත් එකක්  ඇතුළු උපකරණ අද (21 )  පස්වරුවේදී   අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි 

පොලිස් විශේෂ විශේෂ කාර්ය බළකායේ  වැලිගම  පුෂ්පාරාම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැලිගම  කොක්මාදුව  හල්පේ දූව වත්ත  ප්‍රදේශයේ විශේෂ වැටලීමක් සිදුකොට තිබේ

 එහිදී  T 56 ජීව උණ්ඩ 60 ක්, එමි 16  වර්ගයේ ජීව උණ්ඩ 06 ක් පුහුණු  හිස්  පතුරම් 09 ක් තියුණු කඩු 01 ක් සොරකම් කරන ලද යතුරුපැදි අංක තහඩු දෙකක් , තවත් මෝටර් රථයක අංක තහඩුවක්, සහ  අවි පුහුණුවට යොදාගන්නා පොතක්    ඇතුළු උපකරණ  මෙහිදී සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම ජීව උණ්ඩ ඇතුළු උපකරණ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මිදිගම ෂූටි සහ රන් පැටිගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන  පුද්ගලයෙකු  සතුව තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

 කෙසේ වුවද පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට  ළඟාවන විට  සැකකරු පලා ගොස් තිබූ බව සඳහන් වේ.

එම සැකකරු හඳුනාගෙන ඇති බවත් ඔහු  වයස 26 පමන වන බවත් නොයෙකුත් මත්ද්‍රව්‍ය සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර එ සදහා   විශේෂ  මෙහෙයුමක් දියත් කොට තිබෙන බව  පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වැලිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ මූලිකත්වයෙන්   ක්‍රියාත්මක කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *