නිමල් කොළඹිස්ස – මහනුවර

ආබාධ සහිතවූවන්ගේ මහනුවර දිස්ත්‍රික් මළල ක්‍රීඩා උළෙල පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී අද පැවැත්විණි.
කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ බාලක හා බාලිකා යන අංශ යටතේ තරඟ පැවැත්වූ අතර මීටර් සියය සහ දෙසීය දුර දිවීම, මීටර් සියය රෝද පුටු තරඟ, කව පෙත්ත විසි කිරීම, උස පැනීම, දුර පැනීම, හෙල්ල විසි කිරීම, යගුලිය දැමීම ඇතුලු ඉසව් කිහිපයකින් තරඟ සමන්විත විය.
සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානත්වයෙන් මෙම ක්‍රීඩා උළෙල පැවැත්විණි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මළල ක්‍රීඩා උත්සවය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ආබාධ සහිතවූවන් රැසක් සහභාගීවිය.


