වන්නි රොමේෂ් මධූෂංක
යාපනය චෙම්මිණි සුසාණ භූමිය ආසන්නයේ ආදාහනාගරයක් සඳහා අත්තිවාරම් කපමින් සිටි සේවකයින් පිරිසකට වලදමා තිබූ මිනිස් අස්ථිකොටස් කිහිපයක් හමුවීම හේතුවෙන් එහි සංවර්ධන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදු වූ බවට කෝපායි පොලීසිය පැවසීය.
චෙම්මිණි සුසාන භූමිය අසලින් මීට පෙරදීද සමූහ මිනීවලක් හමු වූ අතර 1995 සහ 96 වසර වල මෙම ස්ථානය පිළිබඳව වැඩි අවධානයක් යෙමු වූයේ එවකට අතුරුදහන් වූවන් මෙම ස්ථානයන්හි වලදමා ඇති බවට ඇති වූ කටකතා හේතුවෙනි.
කෙසේ වෙතත් චෙම්මිණි සුසාන භූමියට අවශ්‍ය වූ නවීන පහසුකමින් යුතු ආදාහනාගාරයක් ඉදිකිරීම උදෙසා නල්ලූර් ප්‍රාදේශීය සභාව මගින් පියවර ගෙන තිබිණි, කොන්ත්‍රාත්කරු විසින් ආදාහනාගාරයට අවශ්‍ය වූ අත්තිවාරම් කැපීම සේවකයින් යොදා සිදුකරන අතරවාරයේදී පොළොව යට තිබී අදාල මිනිස් අස්ථි කොටස් හමුවීම හේතුවෙන් ඒ පිළිබඳව නල්ලූර් ප්‍රාදේශීය සභාවට දැනුම් දී තිබුණි.
පසුව නල්ලූර් ප්‍රාදේශීය සභාව මගින් කෝපායි පොලීසියට දැනුම් දී ඇති අතර, පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ,අදාල ස්ථානය ආරක්ෂිත ස්ථානයක් ලෙස නම් කොට ,ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසට නල්ලූර් ප්‍රාදේශීය සභාවට දැනුම් දී ඇත.
මේ අනුව අදාල සිදුවීම සම්බන්ධයෙන් අධිකරණට කරුණු ගොනුකොට ඉදිරියේදී ගතයුතු පියවර ගන්නා බවටද පරික්ෂණ සිදුකරන කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.


