ආණ්ඩුවේ හොඳම බොරුව තෝරන තරගයක් තියමු – නලින් බණ්ඩාර

චම්පිකා මුතුකුඩ

ආණ්ඩුව විසින් බලය ලබා ගැනීමෙන් අනතුරුවත් බොරු කියමින් සිටින බව  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි  

දැන් ආණ්ඩුව කළ යුතු වන්නේ  බොරු ප්‍රකාශ කරමින් සිටීම නොව, වැඩ කිරීම බව ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආණ්ඩුව නියෝජනය කරන කොට්ටහච්චි මන්ත්‍රීවරිය විසින් අවුරුද්දට සුබ පතා කෙටි පණිවිඩ නොයැවීම නිසා රුපියල් මිලියන 98 ක් ඉතිරි වූ පැවසුවද, හිටපු ජනාධිපතිවරුන් එම කෙටි පණිවිඩය සඳහා රජයේ මුදල් වියදම් කර නොමැති බවද, එය නොමිලේ යැවූ කෙටි පණිවිඩයක් බවද ඔහු අනාවරණය කළේය.

ආණ්ඩුව ප්‍රකාශ කරන බොරු ප්‍රමාණයේ හැටියට ඉදිරියට කිරීමට සිදුවන්නේ සතියේ බොරුව, දවසේ බොරුව, පැයේ බොරුව තෝරා හොඳම බොරුව තේරීමේ තරගයක් පැවැත්වීම බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *