ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි

යසංග මහවිතාන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම්දී ඇත.

එළඹෙන 15 වනදා සිට තමා ලේකම් ධුරයෙන් ඉවත් වෙන බව එම ව්‍යවස්ථා සභාව වෙත ලිපියක් නිකුත් කරමින් දසනායක මහතා විසින් දන්වා තිබේ.

පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක මහතා 2023 වසරේ මැයි 25 වනදා එම ධුරයෙන් විශ්‍රාම ලැබීය. පසුව එම වර්ෂයේදීම ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයට  පත් කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 5ක පමණ දීමනාවක්, නිල රථයක් සහ අනෙකුත් පහසුකම් ද හිමිවිය.

තමා ලේකම් දුරින් ඉල්ලා අස්වනුයේ පෞද්ගලික හේතුවක් මත බව ඔහු විසින් ආණ්ඩුකම ක්‍රම ව්‍යවස්ථා සභාවට .දන්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *