(සංජීවනී පද්මසේන)
වන අලින් ගම්මානවලට වැද බව බෝග විනාශ කිරීම උග්ර බව පවසමින් ඊට විසඳුම් ඉල්ලා ආනමඩුව ආඩිගම ගම්මානයේ ගම්වැසියෝ අද ආඩිගම නගරයේදී විරෝධතාවයක නිරත වූහ..
මේ වසරේ මාර්තු මාසයේදී මෙහි සිටි සියළු අලි තම්බෝව රක්ෂිතයට පළවා හැරිය බව වනජීවී නිලධාරීන් පවසා සිටින මුත් මසක් යාමට පෙර නැවත අලි ගම් වැදීමට පටන් ගත් බව ජනතාව ප්රකාශ කළහ.
අලි තම්බෝව රක්ෂිතයට පළවා හැරීමට ගම් වැසියන් වන ජීවී නිලධාරීන්ට නොමද සහායක් දුන් නමුත් ඉන් කිසිම ප්රතිඵලයක් නොමැති බව මෙම විරෝධතාවය සංවිධානය කළ ආඩිගම අලි පලවාහරින එකමුතු සංවිධානයේ කැදවුම්කරු තිලිණ වෙල්ගම මහතා ප්රකාශ කළේය.
වන අලි තමන්ගේ ගම්මාන වලට පැමිණ තම වගාවන් හා දේපල වලට කරන හානි නැවත්වීමට තිරසාර විසඳුමක් ලබාදෙන මෙන් ඒ මහතා මෙම විරෝධතාවයේදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.




