අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මරණ සඳහා මරණ පරීක්ෂණ අනිවාර්ය කෙරේ. 

ලක්මිණි නදීෂා 

ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ වෙනත් කිසිම තැනක දක්නට නොලැබෙන අද්විතීය පිළිවෙතක් අනුගමනය කිරීමට රජයෙන් තීරණය කර තිබේ. අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මරණ සඳහා  මරණ පරීක්ෂණයක්  අනිවාර්ය කිරීමට රජය නියෝග කරයි

මේ සම්බන්ධයෙන් අධිකරණ හා අඛණ්ඩතා අමාත්‍යාංශය හදිසි මරණ පරීක්ෂකවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගේ සියලුම මරණ අනිවාර්යයෙන් පශ්චාත් මරණ පරීක්ෂණවලට භාජනය විය යුතු බවයි.

ළමා මරණවලට හේතු හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බවත්, එම හේතු තේරුම් ගැනීමෙන් මරණ අවම කර ගත හැකි බවත් අධිකරණ අමාත්‍යාංශ චක්‍රලේඛයෙන් පෙන්වා දී ඇත.

එවැනි අධ්‍යයනයන් මගින් ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය ද අඩු වී ඇති බව චක්‍රලේඛයේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ වත්මන් පිළිවෙතට අනුව, පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වනු ලබන්නේ සැක සහිත හේතූන් මත, සැක සහිත තත්වයන් යටතේ හෝ හදිසි අනතුරක් ලෙස දරුවෙකුගේ මරණය සිදුවුවහොත් පමණි. එයද දෙමව්පියන්ගේ අවසරය ඇතිව සිදුකළ යුතු වේ.

මරණයට හේතුව තීරණය කර වෛද්‍ය වාර්’තාවක් නිකුත් කර ඇති දරුවන්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණවලට භාජනය නොකෙරේ. එය අනවශ්‍ය දෙයක් ලෙසත්, වෛද්‍යවරුන් විසින් මුදල් හා සම්පත් නාස්ති කිරීමක් ලෙසත් සලකනු ලැබේ. මරණ පරීක්ෂණයක් සඳහා ආසන්න වශයෙන් රුපියල් 15,000 ක් වැය වේ.

කෙසේ වෙතත්, මෙම රජයේ නියෝගය නීතිමය, සමාජීය සහ මානසික ගැටලු රාශියක් නිර්’මාණය කර ඇත.

අනිවාර්ය පශ්චාත් මරණ පරීක්ෂණ ක්‍රියා පටිපාටි යනු ලොව පුරා රටවල බහුලව දක්නට නොලැබෙන පිළිවෙතකි. සැක සහිත අවස්ථාවන්හිදී පමණක් අදාළ පාර්’ශවයන්ගේ අවසරය ඇතිව මරණ පරීක්ෂණ පැවැත්වීමේ පිළිවෙත ලෝකයේ බොහෝ රටවල අනුගමනය කෙරේ.

එක්සත් රාජධානියේ ළදරුවන්ගේ සහ දරුවන්ගේ හදිසි, අනපේක්ෂිත මරණ (SUDIC) මාර්ගෝපදේශවල සඳහන් වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළ යුත්තේ සැකයක් ඇත්නම් පමණක් බවයි. ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ස්වීඩනය සහ නෝර්’වේ වැනි රටවල් සියල්ලම සැක සහිත සහ හදිසි මරණ සඳහා පමණක් මරණ පරීක්ෂණ පැවැත්වීමේ පිළිවෙත ක්‍රියාත්මක කරයි. මිය යන සෑම කෙනෙකුටම මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කිසිදු රටක් නියම කර නැත. මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යාංශය විසින් වයස අවුරුදු 5 ට අඩු සියලුම දරුවන් මිය යන විට අනිවාර්’ය මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝග කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *