අවුරුදු සමයේ සහල් හිඟ වීමට හෝ මිළ වැඩි කිරීමට ඉඩ දෙන්නේ නෑ- කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත

මොහොමඩ් ආසික්

අලුත් අවුුරුදු  සමය තුල කිසිදු ආකාරයකින් සහල් හිඟයක් ඇති වීමට හෝ මිල ඉහළ නැංවීමට ඉඩ නොදෙන බව කෘෂිකර්ම  පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය.

මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව  මාධ්‍ය වෙත අදහස් දක්වමින්   අමාත්‍ය  ලාල්කාන්ත මහතා එසේ කීය. මෙහිදී   තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා  මෙසේද කීය.

අවුරුදු සමයේ හාල් හිඟයක් එනව කියල කියන්නේ විපක්ෂයයි වටේ ඉන්න කට්ටියයි. අපි කියන්නේ නෑනේ. රජය එහෙම කියන්නේ නෑ. රජයට වැඩපිළිවෙළක් තියෙනවා හිඟයක් නැතිව සහල් සැපයීම සඳහා.

රජයේ  වී මිල දී ගැනිම ගැන අදහස් දැක්වූ අමාත්‍යවරයා,  අපට අවශ්‍ය  වුනේ ගොයම් කපන කාලයේදී ගොවීන්ට හොඳ මිලක් ලබා දෙන්න. 2024/2025 මාස් කන්නයේ තමයි ගොවීන්ට හොඳ මිලක් ලැබණේ. ඒ වෙනුවෙන් තමයි වී  අලෙවි මණ්ඩලය උපක්‍රම සකස් කළේ . කිසිදු ගොවියෙකුගෙන් ගොවි සංවිධානයකින් තමන්ට අඩු මිලට වී විකුණන්න වුණා කියන චෝදනාවක් ඇවේ නෑ උද්ඝෝෂණත් නෑ. දුක්ගැනවිල්ලක් නෑ ඒ අනුව ගත්තහම ගොවි ජනතාව පැත්තෙන් ප්‍රශ්නය විසඳිලා තියෙන්නේ. ප්‍රශ්නය විසඳෙන්න ඕන විදිහට තමයි අපි කටයුතු කළේ.වි විකුණ ගන්න බෑ කියල කිසිදු චෝදනාවක් නැති එකෙන් පෙන්නේ අපි ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය සාර්ථකයි කියන එකයි.

හාල් මිල කළමණාකරණය කරන්න අවශ්‍ය ඕනම  මොහොතක  විදේශ රටවලින් හාල් ගෙන්නනවා.වැඩි මිලට විකුණන එක පාලනය කරනවා.

අපේ ප්‍රතිපත්තිය තමයි රටට  අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුල නිෂ්පාදනය කර ගැනීම. නමුත් පවතින කාලගුණික ගැටළු නිසා එය සකස් වෙනකම්  අවශ්‍ය  පමණට සහල් පිටරටින් ගෙන්වලා සහල්  අවශ්‍යතාවය  කළමණාකරණය කරනවා. යැයිද මෙහිදී  අමාත්‍යවරයා කීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *