රංජන් මඩගම්මන-
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව කාලසීමාව අළලා අප්‍රේල් පළමු වැනිදා සිට රට පුරා වැටලීම් ඇරඹෙන බවත් ,එහෙත් පාරිභෝගික සේවා අධිකාරියට වැටලීම් කිරීමට ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොමැති බවත් ,පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.
පාරිභෝගික සේවා අධිකාරියට අනුයුක්තව වැටලීම් සිදු කිරීමට දැනට සිටිනුයේ 300 පමණ නිලධාරීන් පිරිසක් පමණකි.එය ප්‍රමාණවත් නොවේ.ඒ සඳහා 400 ක නිලධාරීන් ප්‍රමාණයක් අවශ්‍ය වේ.පාරිභෝගිකයා ගසා කන වෙළෙඳුන් වැටලීම මෙහි අරමුණය.සාධාරණ යුක්ති සහගතව වෙළඳාම පවත්වා ගැනීම මෙහි තවත් අරමුණක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය
