අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කෙරේ.

නික්කි රණසිංහ

අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග) සී.ජේ.ප්‍රේමතිලක මහතා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවක් අමතමින් මේ බව සඳහන් කළේ ය.

මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස අවිස්සාවේල්ල දක්වා රත්නපුර දක්වාත්, දෙවන අදියර ලෙස රත්නපුර සිට කහවත්ත දක්වාත්, තෙවන අදියර ඇඹිලිපිටිය සූරියවැව මත්තල හරහා හම්බන්තොට වරාය දක්වාත් ඉදිකිරීමට යෝජනා වී ඇත.

මේ අතරින් අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ, අවිස්සාවේල්ල සිට කුරුවිට දක්වා කොටසේ මේ වන විටත් මැනීම අවසන් කර ඇති අතර දුම්රිය ස්ථාන රැසක්ද හඳුනාගෙන ඇති බව ප්‍රේමතිලක මහතා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *