සංජීවනී පද්මසේන
අවිස්සාවේල්ල නගර සභාවට අයත් සීතාගම A ප්‍රදේශයේ නිවෙස්වල නිවැසියන් බොහෝ දෙනෙකුට “චිකන්ගුන්යා” නැමැති උණ රෝගය වැළඳී තිබෙන බව වාර්තා වේ. මෙම ප්‍රදේශයේ සෑම නිවෙසකම පාහේ චිකන්ගුන්යා රෝගියෙකු හෝ රෝගීන් කිහිපදෙනෙකු සිටින බව ප්‍රදේශවාසීහු පවසති.
“ඊඩීස්” නම් මදුරු විශේෂය නිසා මිනිසාට සම්ප්‍රේෂණය වන මෙම රෝගයේ දී ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්වයි. නමුත් උණත් සමඟ දරුණු හන්දි වේදනාවක් ඇතිවන අතර එය දීර්ඝ කාලයක් පැවතිය හැකිය.
මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කර අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් මෙම රෝගය පැතිරීම වළක්වා ගත හැකිය.

