අවයව දන් දීමේ දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක්

නික්කි රණසිංහ

අවයව දන් දීමේ ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය මඟින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පෙබරවාරි 18 දින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී පැවැත්විණි. ඒ අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි.

මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ හත් වන වරට වන අතර මෙහිදී රෝහල් පරිශ්‍රයේ අවයව දායකයින් සිහි කිරීම පිණිස නිමවා තිබූ පලකයට අග්‍රාමාත්‍යතුමිය පහනක් දල්වමින් තම උත්තමාචාරය පිරිනැමුවාය.

අවයව පරිත්‍යාග කිරීම හරහා ඔබෙන් වෙන්වන පුද්ගලයන් තවත් කාලයක් ජීවත් වන වගට හැඟීම ඇති කරගත හැකි බව තමා සිතන බව අග්‍රාමාත්‍යවරිය පිරිස අමතමින් සඳහන් කළාය.

මෙහිදී අවයව පරිත්‍යාග කළ පවුල්වල අයට 

සමරු පලක සහ තිලිණ ප්‍රධානයක්ද සිදුවුණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය, වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කාර්ය මණ්ඩලයද සහභාගි විණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *