වැලිගම තරංග ගුණරත්න
වැලිගම ප්‍රාදේශීය සභාවේ පාරිභෝගික මධ්‍යස්ථානයක ඉන්ධන ගබඩා කිරීමට මිලට ගන්නා ලද ටැංකිය වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ අරමුදල් අවභාවිතා කොට ඇති බවට විගණන විමසුමකදී තොරතුරු අනාවරණය වන බව ජාතික විගණන කාර්යාලය පවසයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ පාරිභෝගික මධ්‍යස්ථානයක් සදහා ඉන්ධන ගබඩා කිරීමට මෙම මෙම ටැංකිය මිලට ගෙන තිබූ අතර එහිදී කරුණු රැසක් ඔස්සේ ප්‍රාදේශීය සභා අරමුදල් අවභාවිතා කොට තිබූ බව අනාවරණය වෙි. වැලිගම ප්‍රාදේශීය සභාව විසුරුවා හැරීමට පෙර සභාපතිවරයෙකු යටතේ පවතින කාල සීමාවේදී (2022 ) මෙම අක්‍රමිකතාවයන් සිදුව ඇති බව හෙළි වී තිබේ .
වෙළඳපොළෙන් ලබාගත් මිල ගණන් අනුව ලීටර් 13,500 ක ධාරිතාවකින්, 4 mm ක තහඩු ඝනකමින් සහ දිග 5:5 m යුතු ඔර්ජිනල් ඉන්ධන බවුසර් ටැංකියක් වෙළඳපොල තුළ 2,199,855 ක මුදලකට ලබා ගැනීමට හැකියාව තිබියදී පාවිච්චි කරන ලද සහ අලුත්වැඩියා කරන ලද ටැංකියක් මිලදී ගැනීමට 3,200,000 ක මුදලක් සභා අරමුදලින් වැය කර තිබිණි .
ඒ අනුව 2,270,855 වැය කර ඉන්ධන බවුසර් ටැංකියක් මිලදී ගැනීමට හැකියාව තිබියදී මේ ආකාරයට වගකීමෙන් තොරව සභා අරමුදල් වැය කර තිබු බව සඳහන් වෙි .
ඉන්ධන ගබඩා කිරීම සඳහා අලුත් වැඩියා කරන ලද ඉන්ධන බවුසරයකින් ඉවත් කරන ලද බවුසර් ටැංකියක් මිලදී ගෙන තිබිණි ,
නමුත් ඩීසල් ගබඩා කිරීමට ඛනිජ තෙල් සංස්ථාවේ අනුමත කරන ලීටර් 13,500 ක ධාරිතාවකින් යුත් ඉන්ධන ගබඩා කිරීමට සුදුසු තහඩු ඝනකම 6 mm ටැංකියක් 1,139, 450 කට මිලදී ගැනීමට හැකියාව තිබූ බවත් නිරීක්ෂණය වී තිබේ.
මෙසේ ඉන්ධන ප්‍රවාහනයට යොදාගන්නා බවුසර් ටැංකි සදහා වර්තමානයේදී ඉන්ධන ගබඩා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අනුමැතියට නොදෙන බවද වාර්තා වෙි.
ඒ අනුව අවශ්‍යතාවට ගැලපෙන මිලදී ගැනීමකට පිරිවිතර සකස් නොකර පෞද්ගලික අවශ්‍යතාවයකට අනුව කටයුතු කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බවට විගණන විමසුම සාක්ෂි දරයි.
මේ පිළිබඳව වැලිගම ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දිමා පි හෙට්ටිවත්ත මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ මෙය තමා
සභාවේ කටයුතු භාරගැනීමට කලින් වූ සිදුවීමක් බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බවත් ය.
