අලුත්ගමගේගෙන්  පෙත්සමක්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  ඊයේ (14) අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළේය.

තමන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.පෙත්සම ගොනු කරන ලද්දේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේය .

ඉකුත්  සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ  විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

ඒ අනුව එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 19  වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය  අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කළාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *