අජිත්ලාල් ශාන්තඋදය
අල්ලස් දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සබරගමු පළාත් සභාව තුළ පැමිණිලි කිරීමට හා විමර්ෂණ කටයුතු සඳහා වු ඒකකය මේ වන විට පිහිටුවා ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සඳහන් කළාය.එය ප්‍රධාන ලේකම් ලක්මාලි උදයකුමාරි මෙනවියගේ ස්ථානභාරකාරීත්වය තුළ සබරගමුව පළාත් සභාවේ සියළු අමාත්යංශ ලේකම්වරුන් ද ඇතුළත්ව පිහිටුවන ලද බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්න කළාය.
රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනට ඵක් වෙමින් රත්නපුර නව නගරයේ පිහිටි පළාත් සභා ශ්‍රවනාගාරයේ දී ආණ්ඩුකාරවරිය මේ බව පැවසුවාය.
සියලු රාජ්‍ය සේවකයින් අල්ලසට, දූෂණ අක්‍රමිකතාවයන්ට විරුද්ධ විය යුතු බවද ආණ්ඩුකාරවරිය අවධාරණය කළාය. අල්ලසින් හා දූෂණය තොර රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම මෙහි අරමුණ බව කී ආණ්ඩුකාරවරිය මේවනවිට වර්ෂ 2023 අංක 9 දරණ දූෂණ විරෝධි පනත ක්‍රියාත්මක බව ද කීවාය. දේශපාලන බලය මත පමණක් රාජ්‍ය තුළ අල්ලස් හා දූෂණය අක්‍රමිකතාවයන් ක්‍රියාත්මක නොවන බවද ආණ්ඩුකාරවරිය අවධාරණය කළාය.
අල්ලස් දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි කිරීමට හා විමර්ෂණ කටයුතු සඳහා දිවයින පුරා රාජ්‍ය ආයතන කේන්ද්‍ර කර ගනිමින් ඒකක පිහිටුවීමට ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් මත මේවනවිට කටයුතු කරමින් පවතින බවද ආණ්ඩුකාරවරිය අනාවරණය කළාය.
ලිඛිතව හෝ වාචිකව මෙම ඒකකය වෙත රාජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි කළ හැකිය. WHATSAPP, E-MAIL ඇතුළු අන්තර්ජාල පහසුකම් හරහා ඉතා කඩිනමින් පැමිණිලි ඉදිරිපත් කිරීමට සබරගමුව ජනතාවට අවස්ථාව හිමි වන බව ද, ආණ්ඩුකාරවරිය පැවසුවාය.
මෙම වැඩසටහනට පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් S.M.C.D. සමරසේකර මහතා සම්පත් දායකත්වය ලබා දුන්නේය. සබරගමු පළාත් ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ.සුනීතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) සුසිලා රාෂපක්ෂ යන මහත්මීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
